ට්‍රේ යෝග්‍යතා මධ්‍යස්ථානයේ නිත්‍ය සාමාජිකයෙක් වූ අතර එය පෙනෙන්න තිබුණේය. ඔහුගේ උරහිස් පුළුල්ය. මාංස පේශීන් කැපී පෙනෙයි. ඔහුගේ බාහු මාගේ කලවා හා සමානය. ඔහුගේ ශාරිරික තත්ත්වය ඔහු සමග ආත්මික සාකච්ඡාවක් කිරීමට මාව පෙළඹවීය. ඔහුගේ ශාරිරික යෝග්‍යතාව කුමන හෝ ආකාරයකින් දෙවියන්වහන්සේ සමග යහපත් සම්බන්ධතාවයක් පෙන්නුම් කරන්නේදැයි ඔහුගෙන් ඇසුවෙමි. අප ගැඹුරටම නොගිය නමුත් ටේ්ර ඔහුගේ ජීවිතයේ දෙවියන්වහන්සේ සිටින බව පිළිගත්තේය. අප කථා කළ…
මම උදෑසන ඇවිදින විට මාර්ගයේ වැරදි දිසාවට වාහනයක් නවත්වා තිබෙනවා දුටුවෙමි. රියැදුරු කාන්තාව මත්පැන් වලින් මත්ව සිටිය අතර ඇය නිදා සිටි බැවින් ඇයටත් අන් අයටත් සිදුවිය හැකි අනතුර ගැන දැන නොසිටියාය. තත්ත්වය භයංකාර විය. මට ක්‍රියාත්මක වීමට සිදු විය. ඇගේ අවධානය ලබා ගෙන ඇයව මගී අසුනට යන්න සළස්වා මම රියැදුරු අසුනට ගොඩ වී ආරක්ෂිත ස්ථානයකට රථය පැදවූයෙමි.
අප මුහුණ දෙන්නේ…
මනුෂ්‍යය හදවත විශ්මිත අවයවයකි. මෙම අල්ලක ප්‍රමාණයේ පොම්පාගාරය අවුන්ස 7 සහ 15 අතර බරය. දිනපතා එය 100,000 වතාවක් ගැහෙන අතර ගැලුම් 2,000 ක රුධිරය ශරීරයේ සැතපුම් 60,000 ක රුධිර නළ වලින් පොම්ප කරයි. එවැනි අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් සහ වැඩ ප්‍රමාණයක් සමග මුළු ශරීරයේම යහපත වෙනුවෙන් හෘද සුවය මධ්‍ය ලක්ෂය වන්නේ මන්දැයි තේරුම් ගත හැකිය. සෞඛ්යාත්මක පුරුදු පවත්වා ගෙන යාමට වෛද්‍ය විද්‍යාව…
පියකරු මනාලිය ආඩම්බර පියාගේ අතෙහි එල්ලී අල්තාරය වෙත යාමට සුදානම්ව සිටියාය. නමුත් ඒ ඇයගේ මාස දහතුනක් වයසැති ඥාති පුත්‍රයාගේ ඇතුල් වීමට පෙර නොවේ. බොහෝ විට සාමාන්‍යයෙන් හඳුන්වන “මුද්ද” වෙනුවට ඔහු “බයිබලයක් දරා” සිටියේය. ඒ ආකාරයට යේසුස්වහන්සේට කැපවූ ඇදහිලිවතුන් ලෙසට මනාලයාට සහ මනාලියට අවශ්‍ය වූයේ දේව වචනය ගැන තමන් තුළ ඇති ප්‍රේමය පෙන්වීමටය. අඩු අවධානයකින් යුතුව කුඩා දරුවා සභාවේ ඉදිරියට ගියේය.…
ඔහුගේ කොන්ද නැමී ඇත. ඔහු ඇවිදින්නේ හැරමිටියක ආධාරයෙනි. නමුත් වසර ගණනාවක් ඔහුගේ ආත්මික එඬේර සේවය සාක්ෂි දරන්නේ ඔහුගේ ශක්තියේ මූලාශ්‍රය වන දෙවියන්වහන්සේ මත ඔහු යැපෙන බවයි. 1993 දී දේවගැති විලියම් බාබර්ට කශේරු ස්තම්භය අකර්මණ්‍ය වන හෙයින් කොඳු ඇට පෙළේ වී අස්ථි එකට යාවෙන බව නිගමනය කරන ලදී. ඔහුට සෘජුව කියනු ලැබුවේ “බාබර්, එඬේර සේවය හැර ඔබට වෙන මගක් සොයා ගන්න…
සභාපාලක බේලිගේ අලුත් මිතුරා අපයෝජනය සහ ඇබ්බැහිවීම ගැන ඔහුගේ කථාව සභා පාලක බේලි හා බෙදා ගත්තේය. තරුණයා යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක් වූවත් ඉතා කුඩා අවධියේ සිටම ලිංගික අපයෝජනය සහ අසභ්‍ය චිත්‍රපටි බැලීමට යොමු වීම නිසා වඩා විශාල වූ කරදරයක් ඔහුට වධ දුන්නේය. ඔහුගේ බලාපොරොත්තු කඩවීමේදී ඔහු උපකාර සොයා ගියේය.
ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් ලෙස අපිද නොපෙනෙන දුෂ්ඨ බලවේගයන් හා යුද්ධ කරන්නෙමු (2…
ජේම්ස් මොරිස්ව කලක් විස්තර කෙරුණේ නූගත් නමුත් උණුසුම් හදවතක් ඇති ගිහියෙක් ලෙසය. නමුත් ඔගස්ටස් ටොප්ලේඩිව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ගැළවීමේ ඇදහිල්ලකට ගෙන එන පිණිස දෙවියන්වහන්සේ ඔහුව පාවිච්චි කළ සේක. “රොක් ඔෆ් ඒජස්” නැමැති යුගයකට සීමා නොවූ ගීතිකාවේ කතුවරිය ඇයයි. මොරිස් දේශනා කරනවා ඇසූ ඇය එය විස්තර කළේ මෙසේය. “ගොවිපළක රැස්වූ අතලොස්සක් වූ දෙවියන්වහන්සේගේ සෙනග මධ්‍යයේ තමාගේ නම වත් හරිහැටි ලියා ගත…
සෙනසුරාදා උදෑසන බයිබල් අධ්‍යයනයක් අතරතුරදී පියෙක් තමාගේ ඉබාගාතේ ගිය දියණිය නගරයට පැමිණ ඇති බැවින් කලබලයට පත් විය. ඇයගේ හැසිරීම නිසා ඇය තම නිවසේ සිටීම ඔහුට කරදරයක් විය. සහභාගී වූ තවත් අයෙක් බොහෝ කල් පවතින රෝගයක් නිසා ශාරීරිකව අසනීප තත්ත්වයෙන් සහ වයස නිසාද දුක් වින්දාය. ඇය බොහෝ වෛද්‍යවරු වෙත කිහිප වරක් ගියද ප්‍රතිඵල ඉතා අවම විය. ඇය කලකිරී සිටියාය. දිව්‍යමය සැළසුමක්…
සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂණයක් එළිදරව් කළේ සිව් හැවිරිදි කැල්වින්ගේ ශරීරයෙහි බලාපොරොත්තු නොවූ ලප කිහිපයක් ඇති බවයි. පරීක්ෂණ අවස්ථාවේදී ඔහුට එන්නත් කිහිපයක් දෙනු ලැබ ඒ ස්ථාන වෙළුම් පටියකින් වසා දැමුණි. නිවසේදී ඇලෙන සුළු වෙළුම් පටි ගැළවීමට වේලාව පැමිණි විට කැල්වින් බියෙන් දැඟලීය. තම දරුවාව සැනසීම පිණිස ඔහුගේ පියා කීවේ “කැල්වින් ඔබට වේදනා දෙන කිසිවක් මම කරන්නේ නැති බව ඔබ දන්නවා” යනුවෙනි. ඔහුගේ…
මගේ මිතුරු රැලේ ඔහුගේ අසූපස් වන උපන් දිනය කරා වේගයෙන් ගමන් කරමින් සිටියි. වසර තිස් පහකට පමණ පෙර ඔහු සමග වූ මගේ ප්‍රථම සංවාදයේ සිට ඔහු ජ්වලිතකමේ මූලාශ්‍රයක් වුනි. විශ්‍රාම ගිය දින සිට ඔහු පොත් පිටපතක් අවසන් කළ බවත් තවත් සේවා ආරම්භක පියවරක් ගත් බවත් කී විට මම කුතුහලයට පත් වූවත් පුදුම නොවීමි.
බයිබලයේ කාලෙබ්ද අසූපස් වෙනි වියේදී නැවැත්වීමට සුදානම්ව…